ජාතික ජනතා ව්‍යාපාරය විසින් පසුගිය (29) වන දින ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලැබූ හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව මග හැරෙනු ඇති බව වාර්තා වෙනවා.
මහේෂ් සේනානායක මහතා නාමයෝජනා බාරදීමට නියමිත දේශපාලන පක්ෂයේ හිටපු නිලධාරී මඩුල්ලක් ක්‍රමවත් ආකාරයෙන් ඉවත් නොකිරීම සම්බන්ද කරුණක් මත ඇතිවී තිබෙන අර්බුදයක් හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය හටගෙන ඇත.