Colombo Today Local News

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මෙම නිවාස සංකීරණය හය දහසක් පමණ පිරිස සමග ම හුදෙකලා කිරීමට ලක්කර ඇති බවත් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල ආශ්‍රිතව මෙම ස්ථානයෙන් විශාල ආසාදිතයන් ප්‍රමාණයක් හමුවීම නිසා මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව මෙම මහල් නිවාස සංකීර්ණයේ පිරිස් වලට බාහිර සමාජය සමග කිසිදු සමීප සම්බන්ධතාවයකට අවස්ථාවක් නැත.

එමෙන්ම බ්ලූමැන්ඩල් සහ කොටහේන යන ප්‍රදේශ සම්බන්ධයෙන්ද දැඩි අධීක්ෂණයක සිටින බව ද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

කොටින්ගේ ආයුධ 5000ක් මුස්ලිම් ඇමතිලාට – හෙළිදරව් කළ හිටපු කොටි සාමාජිකයන් CID කැදවයි – රදවාගෙන ප්‍රශ්න කරයි….

colombotoday

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

colombotoday

ජෙරම්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්

Admin

නව අමාත්‍යාංශ දෙකට ලේකම්වරු

colombotoday

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday