Colombo Today Local News

බොදු බලයට නෝර්වේ මුදල් දුන් බව මම කීවේ නෑ… මගේ ප්‍රකාශය මාධ්‍ය විකෘති කරලා !

මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදය පැතිරවීම සදහා බොදුබල සේනා සංවිධානයට හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නෝර්වේ රාජ්‍ය යෙන් මුදල් දුන් බවට තමා කළේ යැයි කියන ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

‘බෞද්ධයාගේ ඔලුවට අන්තවාදය දාන්න ඥාණසාරහිමිට සල්ලි දීලා‘ යන හිසින් යුතුව පෙබරවාරි (29) දා ලංකාදීප පුවත්පතේ පළමුවෙන්ම පළවූ ප්‍රවෘත්තිය පිළිබදව කරුණු පැහැදිල කරන මන්ත්‍රීවරයා, ‘ලංකාව අස්ථාවර කිරීමට නෝර්වේ රජය මෙරට සමහර භික්ෂූන් වහන්සේලා එරටට ගෙන්වාගෙන මුදල් දුන් බවට රට තුළ මතයක් ගොඩනැගී තිබූ බවට‘ තමන් කළ ප්‍රකාශය වැරදි අයුරින් පුවත්පතෙහි පලකර ඇති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් මෙලෙස මාධ්‍යවල පලවී තිබිණි.

ඥාණසාර හිමි කුරගල, කුලියාපිටිය සහ මඩකලපුව ප්‍රදේශවලට ගොස් ධර්මදේශනා පවත්වන අවස්ථාවල ඒවා කඩාකප්පල්කර ගැටුම් ඇතිකිරීමට ඉස්ලාම් අන්තවාදීන් සැලසුම් කර තිබූ බවට තමන්ට දැනගන්නට ලැබුණු බව තමන් කොමිසම හමුවේ පැවසූ බවත්, මෙම කරුණු සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයක් ලැබෙන පරිදි මාධ්‍ය බොහොම්යක් පුවත් පලකර තිබූ බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

Related posts

FCIDය මෙහෙය වන්නේ අනුර කුමාරයි.. චම්පික නොකියා කියයි. සෝමවංශ සාක්ෂි සහිතවම කියයි

colombotoday

තුන්දූවේ අගුලු අරී..

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday

මල්ලවපිටියේ ගලි වලක ගිනි අවි සහ ආයුද තොගයක්

Admin

හරක් කටා පන්නන්න හැදූ සිද්ධියට ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවේ

Admin

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday