බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
අවධානම් සහගත සැකකරුවන් සියලු දෙනා ඉදිරියේ දී බූස්ස බන්ධනාගාරයේ රැඳ වීමට කටයුතු කරන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.