Colombo Today Local News

‘වෙළේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගම්පොල විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙළේ සුදා’ නමැත්තා ලබන 24 වැනිදා දක්වා එම බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාමෙන් වළකින ලෙසට අභියාචනාධිකරණය අද (17)දින බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සිය පුතණුවන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද (17)දින කැඳවීය.

පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ ය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

Related posts

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

Admin

සජිත් බිම් මට්ටමේ නායකයෙක්ද ? තෙවරප්පෙරුම රගපා පෙන්වයි !

colombotoday

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් බාරගන්නේ නෑ – හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

colombotoday

පූටින්ගෙන් ඇරඹී, ට්‍රම්ප් හරහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, පැරිසිය ඔස්සේ ආසියාව කළඹන මහ ජාතිකවාදී රැල්ලක් හමාඑයි !

colombotoday

විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

Admin

මැදපෙරදිග දී වධහිංසාවට ලක් වූ 51ක් හිස් අතින් යළි දිවයිනට !

colombotoday