Colombo Today Local News

බරපතළ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 ක් පැය 12ක මෙහෙයුමකින් අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඊයේ (21) උදෑසන 07.00 සිට රාත්‍රී 07.00 දක්වා පැය 12 ක කාලයක් අදාළ මෙහෙයුම සිදුකර තිබේ.

එහිදී බරපතළ ගණයේ අපරාධ 86 කට සම්බන්ධ සැකකරුවන් 86 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව මෙම මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1050 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

වරෙන්තුකරුවන් 291 දෙනෙක්, සුළු අපරාධ සඳහා අවශ්‍ය සැකකරුවන් 110 දෙනෙක්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 388 දෙනෙක් මෙන්ම සැකපිට පුද්ගලයින් 175 දෙනෙකු එම අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

වකුගඩු ඡාවාරමේ විමර්ශන වලදී වෘෂණ කෝෂ ජාවාරමකුත් හෙළිවෙයි

Admin

උලමා ලොක්කා මොරොක්කෝ බිරිඳ සමග රටින් පැන්නැයි මුස්ලිම් සමාජයේ ආන්දෝලනයක්.

colombotoday

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday