Colombo Today Local News

බදියුදීන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සජිත්ගෙන් CIDය ප්‍රකාශයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දී අදට දින තුනක් ගතව ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැත.

කෙසේ වෙතත් පසුගිය 12 වැනිදායින් පසු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන්ද ප්‍රශ්න කර තිබේ.

2019 ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් අතර ඒ අනුව යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායම් හය තවමත් බදියුදීන් මහතාව සොයමින් සිටී.

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාව තමා හමුවට කැඳවූ නීතිපතිවරයා නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකර බදියුදීන් මහතා අප්‍රමාදව අත්අඩංගුවට ගන්නා ලෙසට දැනුම් දුනි.

එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස වෙත ගොස් ඔහුගේ බිරිඳගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

තම ස්වාමියා ඉකුත් 12 වැනිදායින් පසුව තමාට දුරකථනයෙන් හෝ කතා නොකළ බවත්, ඔහු කොහෝ සිටිනවාදැයි තමන් කිසිවක් නොදන්නා බවත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් හමුවේ ප්‍රකාශ කර තිබේ.

Related posts

රජයේ වාහනයකින් හරකුන්ට තණකොල ඇදලා?

Admin

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

උතුරෙන් වාර්තාවක්.. ගත වු මාස දහය ඇතුළත පමණක් මත්පැන් ලීටර 1328505 බීලා

colombotoday

සිරගත කොටින්ගේ මානව හිමිකම් කඩවුණාදැයි බලන්න ගිය UN නියෝජිතයෝ හොරෙන්ම කට උත්තරත් අරන් !

colombotoday

නැවතත් සෞඛ්‍ය වැඩවර්ජනයකටද

Admin

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday