Colombo Today Local News

බදියුදීන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සජිත්ගෙන් CIDය ප්‍රකාශයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දී අදට දින තුනක් ගතව ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැත.

කෙසේ වෙතත් පසුගිය 12 වැනිදායින් පසු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන්ද ප්‍රශ්න කර තිබේ.

2019 ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් අතර ඒ අනුව යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායම් හය තවමත් බදියුදීන් මහතාව සොයමින් සිටී.

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාව තමා හමුවට කැඳවූ නීතිපතිවරයා නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකර බදියුදීන් මහතා අප්‍රමාදව අත්අඩංගුවට ගන්නා ලෙසට දැනුම් දුනි.

එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස වෙත ගොස් ඔහුගේ බිරිඳගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

තම ස්වාමියා ඉකුත් 12 වැනිදායින් පසුව තමාට දුරකථනයෙන් හෝ කතා නොකළ බවත්, ඔහු කොහෝ සිටිනවාදැයි තමන් කිසිවක් නොදන්නා බවත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් හමුවේ ප්‍රකාශ කර තිබේ.

Related posts

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin

මෝදර ඩිලාසල් වත්තේ පාතාල ගැටුමක්. අද පාන්දර වෙඩි තබා කපා කොටා දමලා.

colombotoday

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday

බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට සහ චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවයි

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වසර පහක නිවාඩු කපා හැරීමට සැලසුම්

colombotoday

සිංහල රටක් හදන්න දෙන්නෑ. එහෙම වුණොත් වෙනම දෙමළ රටකුත් හදනවා – TNA

colombotoday