Colombo Today Local News

බදියුදීන්ට නැවතත් ඇමතිකම දීමේ සූදානමක්… රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක් !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නැවත   විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීප’යට  පැවැසූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහයෝගය ඇතිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත්  උන්වහන්සේ සඳහන් කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පසුව බදියුදීන් මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු  සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

එලෙස ඉල්ලා අස් වූ අමාත්‍යවරුන්ගෙන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන්, ඔවුන් පෙර කටයුතු කළ අමාත්‍ය ධූරයන්හිම යළි දිවුරුම් දුන් අතර අනෙකුත් අමාත්‍යවරුන්ද යළිත් සිය අමාත්‍යධුර ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා ප‍්‍රකාශ කර තිබුණි.

Related posts

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

colombotoday

රුධිර ගමනය අඩාලයි.. විමල්ගේ තත්ත්වය නරක අතට.. මහින්දත් හදිසියේ වැලිකඩ යයි

colombotoday

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

Admin

ශානිලා, නිශාන්තලා රජ කළ රහස් පොලිසිය ඉදිරිපිට මහ දවල් මල්වර වූ ගානියා බැනිස්ටර්

colombotoday