Colombo Today Local News

පොට්ටුඅම්මාන් ගැන හිටපු කොටි සාමාජිකයන්ගෙන් හෙළිදරව්වක්…

පොට්ටු අම්මාන් ජිවතුන් අතර නොමැති බව හිටපු එල් .ටි .ටි.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නායක කේ.තුලසි පවසයි.

වවුනියාව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදී අද(02) හෙතෙම එලෙස පැවසුවේය.

කේ.තුලසි වැඩිදුරටත් පැවසූවේ එක් එක් පුද්ගලයින් ඇතැම් වාසි වෙනුවෙන් පොට්ටු අම්මාන් ජිවත්වන බවට පැවසුවද එල් .ටි .ටි.ඊ සංවිධානයේ සිටි කිසිදු නායකයෙකු ජිවතුන් අතර නොමැති බවයි.

පොට්ටු අම්මාන් ජිවත්වන බවට විවිධ වාසි වෙනුවෙන් පවසන පිරිස් එල් .ටි .ටි.ඊ නායකයින් වන බාල්රාජ්, නඩේසන්, ආදීන් සිටින බවට ඉදිරියේදී පැවසීමට හැකි බවද හෙතෙම සදහන් කළේය.

එල් .ටි .ටි.ඊ සංවිධානයේ ජිවත්වු ප්‍රභල නායකයින් කිසිවෙක් ජිවත්ව නොසිටන බව අදාළ නායකයින් සමඟ සටන්වලට සහභාගි වි බේරුණු පුනරුත්තාපනය ලැබූවන් දන්නා බවද තුලසි පැවසුවේය.

එල් .ටි .ටි.ඊ නැගෙනහිර නායකයා ලෙස සිටි කරුණා අම්මාන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පොට්ටු අම්මාන් නෝර්වේ ජිවිත් වන බවයි.

(අද දෙරණ)

Related posts

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

“හජ්“ උත්සවයට බාධාවක්ලු.. නාඋයනේ නාහිමි ආදාහනයට නිදහස් චතුරශ්‍රයේ අවසර නෑ !

colombotoday

අරාජිකවාදයද.. ජාතිකවාදයද.. අද රට හමුවේ තිබෙන්නේ මේ දෙක අතර තේරීමක්!

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

මේ අපේ ආණ්ඩුවක් නෙවෙයි, මේක අටපට්ටමක්.. කොහොම වුණත් මට ඕන අමාත්‍යාංශයනම් මම ගත්තා

colombotoday

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday