Colombo Today Local News

පාවහන් තුළ සඟවා රැඳවියන්ට දුම්කොළ යැවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

මිගමුව සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට ලබාදීමට ගෙනා දුම්කොළ තොගයක් අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් අද (15)දින සමත්ව තිබෙනවා. මෙම දුම්කොළ රැඳවියන්ට ලබාදීමට ගෙනවිත් ඇත්තේ ඔවුන්ට ලබාදීමට ගෙනා පාවහන් වල ව්‍යාජ පතුල් තුල සඟවා ගෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කර සිටියේ.

මෙම දුම්කොළ සහිත ව්‍යාජ පතුල් සකස් කරන ලද පාවහන් රැගෙන ආ පුද්ගලයින් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා මිගමුව සහ බොරැල්ල පොලිස් ස්ථානයන්ට භාරදී තිබෙනවා.

Related posts

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ වරදකරු ජීවිතක්ෂයට

Admin

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin

ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මතයි

colombotoday

රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.

Admin