Colombo Today Sports News

නිරෝධායන ක්‍රියාවලිය නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් යයි

අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කල් දමා තිබේ.

නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරගාවලිය කල් දැමිමට සිදුවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ප්‍රකාශ කළේ.

“සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. රට තුළට ඇතුළු වන ඕනෑම කෙනෙකුට දින 14 ක නිරෝධායන කාල සීමාව අත්‍යවශ්‍යයි. එබැවින් අගෝස්තු අවසානයේ තරඟාවලිය ක්‍රීඩා කිරීම දුෂ්කරයි.අයිපීඑල් තරගාවලියෙන් පසු නොවැම්බර් මැද භාගයේදී තරගාවලිය පැවැත්වීමට අප බලාපොරොත්තු වනවා”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියා.

Related posts

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

colombotoday

රංගනගේ සුපිරි දග පන්දුවෙන් කොදෙව්වන්ට බර හානි

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරයින්ට ජනපති අතින් පදක්කම්

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියෝ ආසියානු කිරුළට ළං වෙයි… හොංකාං පරදා අවසාන මහා තරගයට….

colombotoday

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday