Colombo Today Sports News

රංගනගේ සුපිරි දග පන්දුවෙන් කොදෙව්වන්ට බර හානි

රංගන හේරත්ගේ දග පන්දුවට බේරීමට නොහැකි වූ බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාව සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පිට පිටම දෙවැනි ඉනිමත් ක්‍රීඩා කරමින් තරගයේ තෙවැනි දිනට (16 දා) නවතා දමන විට දෙවැනි ඉනිමේ කඩුලු 02 ක්‌ දැවී ලකුණු 67 ක්‌ ලබා සිටියේය. ඉනිමක පරාජයෙන් ගැලවීමට කොදෙව්වන්ට තවත් ලකුණු 166 ක්‌ අවශ්‍යව තිබේ.

පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ වාරයෙන් ගැලවීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට පළමු ඉනිමේදී ලකුණු 284 ක්‌ ලබා ගත යුතුව තිබුණත් රංගන හේරත්ගේ සුපිරි දඟ පන්දුවෙන් ගැලවීමට නොහැකිවූ කොදෙව්වන්ගේ පළමු ඉනිම ලකුණු 251 දී නැවතුණි. තරගයේ තවත් දින දෙකක්‌ ඉතිරිව තිබෙන බැවින් වැසි නොවසින්නට පරාජයෙන් මාවතෙන් ඉවත්වීම කොදෙව්වන්ට මිරිගුවක්‌ පසු පස හඹා යැමක්‌ බවට පත්ව තිබේ.

23 වැනි වරටත් ඉනිමක කඩුලු පහක්‌ හෝ ඊට වඩා දවාගත් අවස්‌ථාව සනිටුහන් කළ හේරත් ටෙස්‌ට්‌ කඩුලු 300 සීමාවට පැමිණීමට තවත් කඩුලු 15 ක්‌ පිටුපසින් පසුවේ. හේරත් මෙම තරගයේදී මේ වන විට ඉනිම දෙකේදීම බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 7 කි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ ටෙස්‌ට්‌ කඩුලු තුන්සියයක්‌ දවාගැනීමට සමත්ව ඇත්තේ මුත්තයියා මුරලිදරන් (800) සහ චමින්ද වාස්‌ (355) පමණි. හේරත් මේ වන විට ටෙස්‌ට්‌ තරග 64 කදී කඩුලු 384 ක්‌ බිඳ දමා තිබේ.

කොදෙව්වන්ගේ ඉනිම හකුළා දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් යවන ලද පන්දු ඕවර 82 න් ඕවර 33 ක්‌ම හේරත් යවද්දී අනෙක්‌ දග පන්දු යවන්නා වූ තරිඳු කෞෂාල් පන්දු ඕවර 14 ක්‌ තුළදී එක්‌ කඩුල්ලක්‌ දවා ගත්තේය. ඔහුගේ පන්දු යෑවීම කොදෙව් පිතිකරුවන්ට දැඩි තර්ජනයක්‌ ගෙන නොදුන්නද වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් ඉතිරි කඩුලු තුන බෙදා ගත්හ.

කොදෙව් පිතිකරු ලැයිස්‌තුවේ වාර්තා වූ එකම අර්ධ ශතක ඩැරන් බ්‍රාවෝ විසින් වාර්තා කරද්දී ලකුණු 30 සීමාව පසුකිරීමට සමත් වූ සෙසු පිතිකරුවා වූයේ අංක නවය පිතිකරු ජෙරම් ටේලර් පමණි.

පන්දු 100 කට වැඩි සංඛ්‍යාවක්‌ කඩුල්ල රැක ගත් එකම කොදෙව් පිsතිකරුවා වූ ඩැරන් බ්‍රාවෝ අර්ධ ශතකයක්‌ ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවට ගැසු පහර ෂෝඩ් මිඩ් ඕන් හි සිටි දිනේෂ් චන්දිමාල් ඉගිළෙමින් රැක ගැනීමත් සමග හේරත්ට සිව්වැනි කඩුල්ල හිමිවිය. චන්දිමාල්ගේ එම විශිෂ්ඨ ගණයේ උඩපන්දුව මෙම තරගයේදී රැක ගත් සුවිශේෂීම උඩපන්දුවද වේ.

බ්‍රාවෝ ගැසූ පහර වැරදි ක්‍රීඩාගාරයට යැමට පෙර මුහුණ දුන් පන්දු 107 අතරතුරදී හතරේ පහර අටක්‌ සහ හයේ පහරක්‌ සමග 12 වැනි ටෙස්‌ට්‌ අර්ධ ශතකය වාර්තා කර තිබුණි. බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සුපිරි පිතිකරුවකු වූ බ්‍රයන් ලාරාගේ පිතිකරණ රටාවට සමාන හැඩයකින් පිති ප්‍රහාරයේ යෙදෙන ඩැරන් බ්‍රාවෝ ඉනිම හතරකට පසුව අර්ධ ශතකයක්‌ වාර්තා කිරීමට සමත් විය.

පරාජයේ මාවතට කොදෙව්වන්ව තල්ලු කර දමමින් ඔවුන්ගේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල අහිමි කිරීමට මිලින්ද සිරිවර්ධන සමත් විය. 131 වැනි ටෙස්‌ට්‌ ක්‍රීඩකයා වශයෙන් ටෙස්‌ට්‌ වරම් ලැබූ මිලින්ද ෂයි හෝප්ගේ කඩුල්ලටම පන්දුව දග කවමින් සිය මංගල ටෙස්‌ට්‌ කඩුල්ල සටහන් කර ගත්තේය.

පළමු ඉනිමේදී ලකුණු 33 ක ආරම්භක කඩුලු සබඳතාවක්‌ වාර්තා කළ කොදෙව් මුල් පිතිකරුවන් දෙදෙනාගේ දෙවැනි ඉනිමේ සබඳතාව ලකුණු 18 දී නිමා විය. යළිත් ක්‍රියාත්මක වූ රංගන හේරත් පළමු ඉනිමේදී මෙන්ම ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වයිට්‌ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත්තේය. ඔහු ඒ වන විට පන්දු 75 කදී හතරේ පහර තුනක්‌ සමග ලකුණු 34 ක්‌ ලබා සිටියේය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පළමු ඉනිම 484 යි.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම

ක්‍රෙග් බ්‍රැත්වයිට්‌ ක.මු.කළා ප.හේරත් 19

ෂායි හෝප් ක.මු.කළා ප.හේරත් 23

ඩ්වයින් බ්‍රාවෝ ඇ.චන්දිමාල් ප.හේරත් 50

මාර්ලන් සැමුවෙල්ස්‌ ප.හේරත් 11

ජර්මමෙන් බ්ලැක්‌වුඩ් ඇ.සිරිවර්ධන ප.ප්‍රසාද් 11

දිනේෂ් රම්ඩීන් ඇ.පෙරේරා ප.ප්‍රදීප් 23

ඡේසන් හෝල්ඩර් ඇ.පෙරේරා ප.ප්‍රසාද් 19

කෙමාර් රොච් ස්‌ට.පෙරේරා ප.හේරත් 22

ජෙරම් ටේලර් ඇ.මැතිව්ස්‌ ප.කෞෂාල් 31

දේවේන්ද්‍ර බිෂෝ නොදැවී 23

ශැනනන් ගැබ්රිල් ප.හේරත් 00

අතිරේක 19

එකතුව එකතුව පන්දු ඕවර 82කදී සියල්ල දැවී ලකුණු 251

කඩුලු වැටීම – 1-33, 2-49, 3-70, 4-111, 5-132, 6-165, 7-171, 8-217, 9-251, 10-251

පන්දු යෑවීම / ප්‍රසාද් – 16 6 38 2 ප්‍රදීප් – 15 4 56 1 හේරත් – 33 9 68 6 කෞෂාල් – 14 4 65 1 සිරිවර්ධන – 5 2 13 0

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම

ක්‍රෙග් බ්‍රැත්වයිට්‌ ක.මු.කළා ප.හේරත් 34

ෂායි හෝප් ප.සිරිවර්ධන 06

ඩැරන් බ්‍රාවෝ නොදැවී 20

දේවේන්ද්‍ර බිෂෝ නොදැවී 06

අතිරේක 01

එකතුව පන්දු ඕවර 26 කදී කඩුලු 2ට ලකුණු 67

කඩුලු වැටීම – 1-18, 2-60

පන්දු යෑවීම / ප්‍රසාද් – 3 1 4 0 හේරත් – 7 3 17 1 / ප්‍රදීප් – 4 1 7 0 සිරිවර්ධන – 6 1 30 1 තරිඳු – 7 3 9 0

 

Related posts

දණහිසේ අබාදය හේතුවෙන් මාලිංගට නවසීලන්ත එක්දින තරග අහිමිවේ..

colombotoday

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

ලොව ක්‍රිකට් තරු සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රිමියලිග් කාල සටහන නිකුත් වේ.

colombotoday

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

colombotoday

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා ඇමතිට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

colombotoday