Uncategorized

නායකත්වය ගැන එකගතාවක් නැතිව එජාප රැස්වීම අහවර වේ. රනිල් ගිය පසු සජිත් නායකයා කියා යෝජනා සම්මතකරගනී [Video]

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඊයේ පස්වරුවේ රැස් විය.

එම රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට මුලසිටම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් ප්‍රකාශකළද, රැස්වීම අවසානයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියාසිටියේ නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවකින් තොරව සාකච්ඡාව අවසන් වූ බවයි.

සාකච්චාව අවසන් කර රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඔහුට හිතවාදී පිරිස් එම ස්ථානයෙන් ඉවත්ව ගියද සජිත් පිල විරෝධය පාමින් එහිම සිටියේය.

පසුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ඒකමතිකව සම්මත කර ගත් බවයි.

යෝජනාව 52-0ක් ලෙස සම්මත කරගත් බව ද ඔහු කියා ඇත.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයා පත් කරන්නේ පක්ෂය මහා සම්මේලනය මගින් වන අතර පසුගිය ඔක්තෝබර් මාසයේ දී රැස් වූ මහා සම්මේපනයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහක් සඳහා පක්ෂයේ නායකත්වය ලබාදීම යෝජනා සම්මත කරන ලදී.

https://www.facebook.com/madyawediyaofficial/videos/2399594070352351/

Related posts

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

Admin

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

සංචරණ සීමා ගැන තීරණයක් තවත් සති දෙකකින්

colombotoday