යහපාලනයට දූෂිතයන් එකතු කර ගැනීමේ ප්රතිඵලයක් වශයෙන් ඇතැම් දූෂිතයන්ට පමණක් නඩු පැවරීම සිදු වී නොමැති බවත් පසුගිය පාලනය සමයේ සිදු වූ වංචා හා දූෂණ පිළිබදව ඉදිරිපත් කළ ඇතැම් පැමිණිලි බිළිබදව පරීක්ෂණ නිම වී ඇතත් නඩු පැවරීම හිතා මතාම නවතා ඇති බවත් දූෂණ විරෝධි හඩ සංවිධානය පවසයි. මෙසේ පරික්ෂණ නිම වූ පැමිණිලි විසි පහක් පමන නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා දක්වා ගොස් එතැනින් නැවතී ඇති බවයි එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ.
‘මේ යහපාලනය දැන් යස පාලනයක් වෙලා තියෙන්නේ. පහුගිය ආණ්ඩුවේ හොරකම් කරලා, වංචා කරලා, දූෂණය කරලා අහුවෙච්ච මිනිස්සු දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු. මේක රහ පාලනයක් කරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය කඩ කිරීම ගැන රනිල් මෛත්රී වගකියන්න ඕන.’ යැයිද ඔහු චෝදනා කරනවා.