Colombo Today Local News

තීන්දු අවශ්‍ය විදිහට නොදුන්නොත් පවුල පිටින් මරණවා කියා තර්ජණය කරා – යහපාලන ඇමති රන්ජන්ට විරුද්ධව මහාධිකරණ විනිසුරු පැමිණිලි කරයි….

තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙකු වූ රංජන් රාමනායක විසින් මරණ තර්ජනය කළ බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය 9 වන දින ඔහු විසින් මෙම පැමිණිල්ල යොමු කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ට විරුද්ධව අධිකරණයේ තිබූ කටයුතු වලදී දඬුවම් දීමට මෙසේ බලපෑම් කළ බවද ලිඛිත ප්‍රකාශයේ දැක්වෙයි.

එවකට තම දියණිය සහ පුත්‍රයා පාසැල් යන වයසේ සිටි බවත් ඔවුන්වද අනතුරකට පත් කරන බව රාමනායක රාජ්‍ය ඇමතිවරයා දන්වා තිබූ බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් තමන් 2015 ජූලි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිඛිත වාර්තා කළ බවත් එවකට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් මෙම ලිඛිත පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එක් අවස්ථාවක තමන් ඉදිරියේ පැවැති නඩුවක් සම්බන්ධයෙන් අපේක්ෂා කරන අරමුණ ඉටු නොවේ නම් ජනතාව උසාවිය වටලා ගල් ගැසීමට ද ගිනි තැබීමට සූදානමක් පවතින බව රාමනායක හිටපු රාජ්‍ය ඇමතිවරයා තමාට දැන්වූ බවද විනිසුරුවරයා සඳහන් කර ඇත.

ඔහුගේ බලපෑම් වලට තමන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා එදින රන්ජන් රාමනායක විසින් තමන් පාර්ලිමේන්තුවේදී දැඩිව විවේචනය කළ බව පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වෙයි.

Related posts

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

colombotoday

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday

මහනුවර නගරයේ රථවාහන තදබදය ආණ්ඩුකාර වරයාගේ අවධානයට

colombotoday

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් මහා භාණ්ඩාගාරයට යැවීයයුතු මුදල් තමන්ගේ ගිණුමේ දාගෙන

colombotoday

ආණ්ඩුවට අවශ්‍ය වුයේ දේශාපාලන ප්‍රයෝජන ගැනීම පමණයි ඉල්ලීම්වලට ඇහුන්කන් දුන්නා නම් රට මැයි මාසයේ විවෘත කරන්න තිබුණා-රනිල්

colombotoday

සංඝරත්නයට එරෙහිව මංගල පින්සිරි සමරවීරගෙන් තවත් නිවේදනයක්

colombotoday