World

තවත් සංක්‍රමනිකයන් 22 ක් ග්‍රීක මුහුදට බිළි වෙයි

තුර්කියේ සිට පැමිණි සංක්‍රමණිකයන් රැගත් තවත් යාත්‍රාවක් ග්‍රීසිය ආසන්නයේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගොස් තිබෙනවා.  මෙම අනතුර සිදුව තිබෙන්නේ ග්‍රීසියේ රොඩ්ස් සහ කෙලී මූන්ස් දූපත් ආසන්නයේ දී 30 වැනිදා රාත්‍රි යේ දීයි.

මියගිය පුද්ගලයන්ගෙන් 13 දෙනෙකු කුඩා දරුවන් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. අනතුරට පත්වන අවස්ථාවේ යාත්‍රා වේ පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවත් ඉන් 144 දෙනෙකුගේ දිවි බේරාගත් බවත් 35 දෙනෙක් අතුරුදන් වී ඇති බවත් ග්‍රීක බලධාරීන් පවසනවා.

ග‍්‍රීසිය බලා පැමිණි සංක‍්‍රමණික යාත‍්‍රාවක් මේ සතිය තුල අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙයයි. ඉකුත් බදාදා දිනයේද සිදුවූ මෙවැනිම අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දිවි බේරා ගත් සංඛ්‍යාව 274ක්.

මුහුදු මාර්ග ඔස්සේ අනතුරුදායක ගමනකින් යුරෝපය බලා යාම සඳහා දෛනිකව තුර්කියේ සිට පැමිණෙන සංක‍්‍රමණිකයන් සංඛ්‍යාව දහස් ගණනක් බව පැවසෙනවා.

545890324545890743image

Related posts

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

Admin

“මාසයක් තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය වනසනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට අල් හුසේන් උරණ වෙයි !

colombotoday

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin

නාසා හඳට යැවූ ‘පෙරිග්‍රීන්’ චන්ද්‍ර යානයේ මෙහෙයුම අසාර්ථකයි

Admin

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin