Colombo Today Local News

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ  සේවය කරමින් සිටියදී  අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි  සේවකයන් 9 දෙනා  ඇප මත  මුදා හැරීම සම්බන්ධයෙන්   පොලිස් මුලස්ථානයේ විශේෂ  විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා තිබේ.
 
ඔවුන්  මුදා හැරුණේ  වැල්ලම්පිටිය පොලීසිය මගින්  අධිකරණයට කරුණු දැක්වීමේදී  සිදුවු යම් දෝෂයකින්ද  නැතිනම්  නිසි ආකාරව කරුණු නොදැක්වීමක්ද  යන්න  සම්බන්ධයෙන්  මෙලෙස පරීක්ෂණ අරඹා ඇතැයි  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් සමාජයේ  කතිකාවක් පවතින  බවත්   මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට එය හේතුවක් වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.    

 පාස්කු දින  කොළඹ සිනමන්ග‍්‍රෑන්ඞ්  හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ   ත‍්‍රස්වාදියකු වන  මොහොමඞ්  ඊබ‍්‍රාහිම්  ඉම්ෂාෆ්  අහමඞ් නැමැත්තාට අයත් බව කියන මෙම තඹ කර්මාන්ත ශාලාවේ  සේවය කළ 9 දෙනකු  ප්‍රහාරයෙන් පසු  මෙසේ  අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
 
අත්අඩංගුවට ගත්  මෙම සැකකරුවන්  9 දෙනා  එදිනම කොළඹ  අලූත්කඩේ අංක 2 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මැයි මස 6 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර කර තිබුණි.
 
 නඩුව නැවත කැඳවු  අවස්ථාවේ   කොළඹ   අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා  විසින් එම සැකකාර සේවකයන්  09 දෙනා  එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
 
මෙම ඇප ලබා දී වැල්ලම්පිටිය පොලිසියේ  නිලධාරියකුගේ   දෝෂයක්  හෝ නොසලකා හැරීමක්  හේතුවෙන් මෙය  සිදුව ඇති බවට පරීක්ෂණයේ දී තොරතුරු හෙළි වුවහොත්  එම නිලධාරියා සම්බන්ධයෙන් දැඩි  පියවර   ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

සබරගමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ට එරෙහිව පරීක්ෂණයක්

colombotoday

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday

ගෑස් මිල වැඩිවෙන්නේ නෑ – රජයෙන් සහතිකයක්

colombotoday

සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිගෙන් කල ඉල්ලිම

colombotoday

බිඳවැටුණු සබඳතා අලුත් කරගන්න නෝර්වේ විදේශ ඇමති එයි

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday