Colombo Today Local News

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

ශ්‍රී ලංකා පුරවැසියකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස ජනාධිපතිවරයා විසින් පත්කිරීමට එරෙහිව ජනාධිපතිවරයාට සහ  මධ්‍යම පරිසර අධිකාරියේ සිදුවූ අක්‍රමිකතා පිලිබදව නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නටත්, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරකුටත් එරෙහිව (09) හෙට දින උදේ 11 ට කොළඹ 7 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේදී පැමිණිලි කරනු ලබන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විතානගේ මහතා පෙන්වා දෙන්නේ…..

රන්ජිත් විතානගේ

“රජය ජනතාවට පොරොන්දු වූ යහපාලනය ක්‍රියාත්මක කළ යුත්තේ විනිවිදභාවයකින් යුක්තවය. රට තුළ යහපාලනය ක්‍රියාත්මක කිරීම පමණක් නොව ක්‍රියාත්මක වන බව පෙනෙන්නටද තිබිය යුතු වුවත් අප රට තුල යහපාලන ක්‍රියත්මක වන බව පෙනෙන්නට නැත. ඉහළම පාලකයාද ,පහලම නිලධාරියාද යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරයි.යහපාලනය ආරම්භ කලයුත්තේ රටේ පාලකයාගෙන්ය. එහෙත් අප ජනාධිපතිවරයා යහපාලන තුට්ටුවකටවත් මායිම් කරන බවක් පෙනෙන්නට නැත. එසේ චෝදනා කිරීමට සිදුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් යහපාලන පොරොන්දු මහදවල් කඩකර ඇති නිසාය. ජනතාව හැටියට අපට කල හැක්කේ ඒ පිළිබදව අදාල ආයතන වලට පැමිණිලි කිරීමය. නීතියෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති මුක්තියට මුවා වී සිටීමට ඔහුට හැකි වුවත් සිය හෘද සාක්ෂියට මුවා වී සිටීමට හැකිද? යන්න තීරණය කල යුත්තේ ඔහුමය.”

අ. මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිලිබද සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට අනුව රටට වූ පාඩුව රුපියල් බිලියන 11 කි. රටට මෙම පාඩුව සිදු කිරීම සදහා වූ සැලැස්මේ මහ මොලකරු අර්ජුන මහේන්ද්‍ර නම් ඔහු මහ බැංකුවේ අධිපති හැටියට පත්කරන ලද්දේ අගමැතිවරයාගේ නිර්දේශයට අනුව වූවත් ජනාධිපතිවරයාය. මෙරට පුරවැසියෙකු නොවන කෙනෙකු මහබැංකුවේ අධිපති කලේ ඇයිද? යන්න ජනතාව ප්‍රශ්න කිරීම සාධාරණය. මක්නිසාද යත් පොළීසියට කොස්තාපල් කෙනෙකු බදවා ගන්නේද ඔහු පිලිබද නිෂ්කාශන වාර්තාවක් ලබාගත් පසුවය. එමනිසා මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීමේ වගකීම ජනාධිතිවරයා විසින් දැරිය යුතුය.

ආ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා හැටියට ඒම අමාත්‍යාංශවල සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන්ද, ජනාධිපතිවරයා වගකිවයුතුය.

Related posts

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday

සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වනවා – ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Admin

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් නැති අමාත්‍යංශ බෙදිල්ල

Admin

සිංහරාජ සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් ‍රජයට පවරා ගැනීමට පියවර

Admin

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

Admin