Colombo Today Local News

ජනතාව වාහන වේගයෙන් එළවන්නේ ලීසිං සමාගම් පස්සෙන් එලවන නිසා

අද වනවිට මෙරට මාර්ග වල රථවාහන අනතුරු වැඩිවී ඇති බවත් ඒ වාහන වේගයෙන් ධාවනය කරන නිසා බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.

” ජනතාව වාහනය වේගයෙන් ධාවනය කරන්නේ ලීසිං සමාගම විසින් පස්සෙන් එලවන නිසා. ආණ්ඩුව වාහන වලට ලබා දෙන බව කියූ ලීසිං සහන ලබා දුන්නේ නැහැ. කුඩා ව්‍යාපාර කරන අයට කිසිදු සහනයක් ලබා දුන්නේ නැහැ”. හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.

පොහොට්ටුවට නැවතත් බලය දුන්නොත් තමන්ගේ අනාගතය නැති වන බවත් රට කරන්න පුලුවන් එකම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

දේශබන්ධුගේ මාරුව ක්‍රියාත්මක නොකළාට ලේකම්ට නොතීසි!

colombotoday

ලංගම බස් රථවල ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

Admin

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

Admin

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday