බලපත්ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු මල්ලාවි පෙලෙයිමුරුකණ්ඩිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාන්කුලස් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි පෙලෙයිමුරුකණ්ඩිය ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද මුලතිව් මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.