Colombo Today Local News

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට පසුගිය මස 22දා ඉන්දියාවෙන් පැමිණි පිරිස නම් ලැයිස්තුවක් හා ඔවුන් නිරෝධනයට ලක් වූ ස්ථාන ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස එම ආයතනයට අභියෝග කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

පසුගිය සැප්තැම්බර් 22 දා ඉන්දියාව විසින් මෙම ආයතන ගුවන් මගින් ගෙන ආ අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

එම සමාගම විශාල සමාගමක් බවත් රටට විශාල සේවයක් කරන බවත් පැවසූ ඔහු එනමුත් මෙම තත්වය යටතේ එම සේවක ලැයිස්තුව රට දැනගත යුතු බවද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

වෛද්‍යවරු හැමදාම කිව්වා මේ කොවිඞ් ප‍්‍රශ්ණය අවසන් නැ කියලා. MRI හා GMOA එකත් කිව්වා. නමුත් අවාසනාවට රජය දේශපාලන ලකුණු ලබාගන්න මේක ඉවරයි, මේක අවසානයි කියලා මහ මැතිවරණය අවසන් වනතුරු කිව්වා. ඒ සිල්ලර කථාව කියපු නිසයි ජනතාව මේක සැහැල්ලූවට ගත්තේ. සාමාන්‍ය ජනතාව රජය කියපු දේ විශ්වාස කරලා අවශ්‍ය ආරක්‍ෂාව ගත්තේ නැ. මොකද රජය කිව්වා කොවිඞ් 19 ඉවරයි කියලා. රජය කිව්වා නම් මේක අළුයට ගිණිපුපුරු වගේ තියෙනවා කියලා ජනතාව මීට වඩා ආරක්‍ෂා වෙනවා.

අනිත් කාරණය ඊයේ පෙරේදා කම්හලක ඇතිවුන සිද්ධිය, මම අභියෝග කරනවා ඒ කම්හලට ඉන්දියාවෙන් ආපු අයගේ ලැයිස්තුවත්, ඒ අය නිරෝධායනය කරපු ස්ථාන පිළිබඳ විස්තර අපිට දෙන්න කියලා. ඒ සමාගම විශාල සේවයක් රටට කරනවා නමුත් සැප්තැම්බර් මාසයේ ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ආණ්ඩු පක්‍ෂ මන්ති‍්‍රවරයෙක් හරහාම ලබාදෙන්න කියලා මං අභියෝග කරනවා.

ඒ විතරක් නෙවෙයි, සෞඛ්‍ය අමාත්‍යතුමිය අපේ‍්‍රල් මාසයේදී කිව්වා කොරෝනා වෛරසය මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බව. සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය එහෙම ප‍්‍රකාශ කලා. එතකොට අපේ‍්‍රල් මාසයේදී කොහොමද කිව්වේ. අනිත් එක තමයි අපේ‍්‍රල් මාසයේදී එහෙම කිව්වේ මොන දත්ත පදනම් කරගෙනද? ඡන්දය පදනම් කරගෙනයි එහෙම කිව්වේ. GMOA MRI හැමදාම කිව්වා මෙම වෛරසය අළුයට ගිණි පුපුරු වගේ කියලා. නමුත් ඒවා පිලිගත්තේ නැහැ. ඡන්දය හින්දා ලෝකෙටම කිව්වා මේක ඉවරයි කියලා.

Related posts

“වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි.. සිංහලයන් හිටියෙ නෑ“ විග්නේෂ්වරන්

colombotoday

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

කැන්ටිමේ දී කංසා හොඳයි සභාවෙදි නරකයි – විපක්ෂයේ දෙබිඩි පිළිවෙත් ගැන අජිත් රාජපක්ෂ කියයි

Admin

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Admin