Colombo Today Local Newsජනාධිපතිවරණය

කොළඹ එජාප බලකණුව මුසම්මිල් ගෝඨාගේ සහයට එක්වේ

එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් වන කොළඹ මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එජාප සමාජිකයෙකු වන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී තිබේ.

මින්පෙර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග කළ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා එම මැතිවරණය ජය ගනිමින් කොළඹ පුරපති ලෙසද කටයුතු කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් කොළඹ නගරය සංවර්ධනය සිදු කළ කාල සීමාවේ කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේ මුසම්මිල්ය.

ඔවුන් දෙදෙනා පූර්ණ අවබෝධයෙන් යුතුව ඒ සමයේ කටයුතු කළ අතර කොළඹ අලංකරණ ව්‍යාපෘති බොහෝමයක් සදහා නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය සහයෝගයෙන් එම කාලසීමාවේ කටයුතු කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නාම යෝජනා අත්සන් කල අතර එම අවස්ථාවටද ඒ ජේ එම් මුසම්මිල් මහතා පැමිණ සිටියේය.

Related posts

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

කබීර් හෂීම් එජාපසභාපතිවරයා පක්‌ෂයේ විනය කඩකරලා. ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් දෝස්‌ මුරයක්‌!

colombotoday

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

colombotoday

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday