Colombo Today Local News

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

පනාපිටිය, මානන්දූව පාරේ නිවසක අද (30) අලුයම හටගත් ගින්නකින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කාන්තාවන් දෙදෙනකු නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි.

නිවසේ විදුලිය විසන්ධි වී ඇති මොහොතේ ඉටිපන්දමක් දල්වා ඇති අතර, මධ්‍යම රාත්‍රි නැවත විදුලිය ලැබීමෙන් පසු නිවැසියන් නිදාසිටින විට වයෝවෘද්ධ කාන්තාවක සිය හැරමිටිය ආධාරයෙන් පැමිණ ඉටිපන්දම නිවා දැමීමට උත්සාහ දැරීමේදී ඉටිපන්දම අසල තිබූ ඇදට වැටී ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය කියයි.

නිවසේ කාමර දෙකකට ගින්න පැතිර ගොස් නිවෙස් හිමිකරුගේ මව සහ ලේලිය පිළිස්සීම් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර,නිවෙස් හිමිකරු සහ ඔහුගේ බිරිඳ සුළු තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කරයි.

ගින්නෙන් නිවසේ අඩක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර, දේපල වලටද දැඩි හානි සිදුව ඇත. කළුතර නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන් ගේ සහාය ඇතිව ගින්න පාලනය කර ඇත.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Related posts

දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණ

colombotoday

මුස්ලිම් නායකයන් රටට විහිළු සපයලා ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්න එපා – මොහොමඩ් මුසම්මිල් ඉල්ලයි

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක් !

colombotoday

කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

colombotoday

විසි එක්වන සියවසේ විශිෂ්ඨතම බුද්ධිමතා, ස්ටීවන් හෝකින් සමුගනී

colombotoday

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

Admin