Colombo Today Local News

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි.

වෑන් රථයේ ගැටීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි අනතුර සිදු කළ බව කියන වැන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වෑන් රථයකට නතර කරන ලෙස සංඥා කර ඇතැයි වාර්තා වේ.

වෑන් රථය පදවාගෙන ආ බව කියන ජාත්‍යන්තර පාසලේ සිසුවාට එම වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොස්තාපල්වරයාගේ ඇඟේ ගැටීකොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

Related posts

ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹෙයි

colombotoday

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

colombotoday

ජාතික ගීය සිංහලෙන් පමණයි – ආරක්ෂක ලේකම්

colombotoday

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

colombotoday

ෆෙඩරල් ගැන දෙමළ ජනමතය දැනගන්න සම්බන්ධන් උ/නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday