Colombo Today Local News

කේරළ ගංජා කිලෝ 61ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

කිරිබත්ගොඩ, වේවැල්දූව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

සැකකරු විසින් ලොරි රථයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 61 යි ග්‍රෑම් 640ක් ප්‍රවාහනය කර ඇත.

මීට අමතරව එම ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැකකෙරෙන රුලියල් 6 ලක්ෂ 92,000 ක මුදලක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

සැකකරු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාෂය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීරයි… එම ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සටන් කරනවා

colombotoday

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

colombotoday

කන්දකාඩුවලින් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

Admin

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

Admin

මහා පරිමාණ මුදල් වංචාවකට හිරේ ගිය තිළිණිට ඇප

Admin