කැසිනෝ ප්‍රවර්ධනය සදහා කාම නිලියක් වන සනී ලියෝන් ගෙන්වන්නට යද්දී, ගණිකා වෘත්තිය නීති ගත කරන්නැයි බල කරමින් ප්‍රසිද්ධියේ සටන් වදින සංවිධාන බිහිවෙද්දී, සමලිංගිකයන් පිළිගන්නැයි ඉල්ලීම් කරද්දී ජනවාරි 8 බල පෙරළියට මැදිහත් වූ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් වනවාසී වීදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විමසනවා. කොළඹදී පැවති මාධ්‍ය හවක් අමතමින් ඔහු මේ අදහස් පල කළේය.