World

කාශ්මීර BJP නායක ෂීක් වසීම් බාරි ත්‍රස්ත ප්‍රහාරයකින් ඝාතනය කෙරේ. ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

භාරතීය ජනතා පක්ෂයේ කාශ්මීර දිස්ත්‍රික් සභාපති ෂීක් වසීම් බාරි ඉලක්ක කර එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ෂීක් වසීම් බාරි සහ ඔහුගේ පියා, සහෝදරයා ඝාතනයට ලක්වී ඇත.

පොලිසිය පැවසුවේ සවස් වරුවේ මුස්ලිම්බාද් බන්දිපෝර් හි පිහිටි ඔහුගේ වෙළඳසැලේදී ෂීක් වසීම් බාරිට සටන්කාමීන් පහර දුන් බවයි. ප්‍රහාරයෙන් බාරිගේ පියා බෂීර් අහමඩ් සහ බාල සොහොයුරු උමාර් ද තුවාල ලැබූහ. තිදෙනාම දිස්ත්‍රික් රෝහල වෙත ගෙන ගිය අතර එහිදී ඔවුන් මියගිය බව ප්‍රකාශ විය.

ප්‍රහාරයෙන් ඉක්බිතිව ත්‍රස්තවාදීන් සොයා ගැනීම සඳහා පොලිසිය සහ හමුදාව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළහ.

මෙම ප්‍රහාරය ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ලකරන්නට ඇති බවට සැක පල කරයි.

Related posts

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

colombotoday

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක්

Admin

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්

colombotoday

ආගමික විශ්වාසයක් මත නිරාහාරව සිටි පුද්ගලයින් 47ක් මිය යයි

Admin