Colombo Today Local News

කාලගුණයේ තාවකාලික වෙනසක්

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (07) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී 50 ක පමණ තද සුළං ඇති විය හැකිය.

දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරිමේ දී අගෝස්තු මස 28 වන දින සිට අද දින දක්වා ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.

ඒ අනුව අද දහවල් 12.08ට ගිංතොට, ගල්වෙලවත්ත, ගල්ලෑල්ල, අතුරලිය සහ කහඳමෝදර ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

චීනය ණය දීම අත්හිටුවයි.. මධ්‍යම අධිවේගයේ වැඩ මග නවතී !

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday

වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදී

colombotoday

අගමැති ඉන්දියා යයි.. මුකම්බිකා කෝවිලේ මහා දුර්ගා පූජාවක් !

colombotoday