World

කළු ජාතිකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට එරෙහිව මිනීමැරීමේ චෝදනා

අමෙරිකාවේ ඇට්ලන්ටා හීදී සිදුකළ තවත් පොලිස් වෙඩිතැබීමකින් කළු ජාතිකයෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එසේ මියගොස් ඇත්තේ රේශාර්ඩ් බ්රුක්ස් නම් කළු ජාතිකයෙකි.

එම කළු ජාතිකයාට වෙඩි තැබූ ගැරේට් රෝල්ෆේ නම් පොලිස් නිලධාරියාට එරෙහිව මිනීමැරීමේ සහ පහරදීමේ චෝදනා ගොනුකර තිබේ.

එම චෝදනා සඳහා වැරදිකරු වුවහොත් ඔහුට මරණ දණ්ඩනය නියම විය හැකි බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදුවන විට සිටි අනෙක් පොලිස් නිලධාරියා -ඩෙවින් බ්රොස්නන් සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත්වීමට කැමැත්ත පළ කර තිබේ.

එම වෙඩි තැබීම ජුනි 12 වැනි දා සිදු වී තිබේ.

රේශාර්ඩ් බ්රුක්ස් බීමත්ව සිය මෝටර් රථය තුළ නිදියමින් සිටින විට පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ රේශාර්ඩ් බ්රුක්ස් පටු මාර්ගයක් අවහිර කරමින් තම මෝටර් රථය නවතා ගෙන සිටි බැවිනි.

ආරම්භයේදී පොලිස් නිලධාරීන් සමග සහයෝගයෙන් සිටි බ්රුක්ස්, පොලිස් නිලධාරීන් ඔහුට මාංචු දැමීමට සැරසෙන විට ගැරේට් රෝල්ෆේ නම් නිලධාරියාට පහරක් එල්ලකොට එම ස්ථානයෙන් පැනයාමට උත්සහ දරා තිබේ.

එවිට රෝල්ෆේ නම් නිලධාරියා පැනයමින් සිටි බ්රුක්ස්ට වෙඩි තබා තිබේ.

වෙඩි වැදී සිටි බ්රුක්ස් ට ප්‍රතිකාර කිටීමට පොලිස් නිලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති අතර බිම වැතිරී සිටින තුවාලකරුට පොලිස් නිලධාරී රෝල්ෆේ පයින් පහර දෙන අයුරු ද වීඩියෝවක සටහන් ව ඇත.

මෙම සිදුවීම වාර්තාවන්නේ පසුගිය දා පොලිස් අත්අඩංගුවේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මිය යාමෙන් පසු අමෙරිකාව සහ ලොව තවත් රටවල් කිහිපයකදී කළු ජාතිකයින්ට එරෙහිව සිදු කෙරෙන හිංසනයන්ට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් පැතිර යමින් පවතින අතරතුරය.

Related posts

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

තලේබාන් සංවිධානයෙන් ලෝක බලවතාට ප්‍රබල අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දීය සෙබළුන් 40කට මරු කැදවූ මොහොමඩ් බායි ත්‍රස්තයා මරා දමයි..

colombotoday

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

“සියලු ඇමරිකානුවන් සඳහා” ජනාධිපතිවරයෙකු වීමට ලෝක බලවතාගෙන් පොරොන්දුවක්.

colombotoday