Colombo Today Local NewsCovid 19

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී තිබෙන බව ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ සඳහන් කර සිටිනවා.

” මෙම කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන අතර ඉකුත් 03 වෙනිදා ඇතිවූ තත්ත්වය මත සීමාසහිත ලංකා විදුලි සමාගමේ පාලනාධිකාරිය විසින් අදාළ නිලධාරියාට නිවසට වී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ඔහුගේ දියණියගේ PCR වාර්තාව ලැබෙන තෙක්ය.

ඒ අනුව ඔක්තෝම්බර් මස 05 වෙනිදා අදාළ නිලධාරියාගේ දියණියගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබී ඇති අතර එහිදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. ඒ අනුව මෙම නිලධාරියාගේ ද PCR පරීක්ෂණ සිදුකොට ඇති අතර එහිදී ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

මේ හේතුවෙන් එම ආයතනය විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ එම නිලධාරියා සමග රැකියා ස්ථානයේ සේවය කළ අනෙක් සේවකයින් 12 දෙනා ඒ වන විටත් ස්වයං නිරෝධායනයට යොමු කොට තිබීම නිසා පෞද්ගලික රෝහලකට දැනුම් දී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකොට ඇත. එහිදී එම සේවකයින් 12 දෙනා හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා. ඒ අනුව එම සේවකයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමටත් ඔවුන් ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මෙම සේවකයින් 12 දෙනා අපි දෙවන පෙළ ආශ්‍රිතයින් ලෙස සලකනු ලබනවා” යැයි ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ වැඩිදුරටත් කියා සිටියා.

Related posts

වැලිකඩට ගිය රාජ්‍ය ඇමැති අනුරාධපුර බන්ධනාගාරයෙත් යකා නටයි | ඇමැති ඉවත් කරන්නැයි විපක්ෂනායක ඉල්ලයි

colombotoday

ජනපති රනිල් – බැසිල් ඉදිරි දේශපාලනය ගැන සාකච්ඡාවක

Admin

“හම්බන්තොට වරායේ උද්ඝෝෂනයට මැරයන් ආවේ රුපියල් 500 බත් පැකට් එකටයි“ – සජිත්

colombotoday

තිලංග අර්ජුණට පස් පඩංගුවේ බැන වදී.. හොරකම් එළිකරන බවත් කියයි.. වීඩියෝව මෙන්න

colombotoday

අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්… හානි වුණු තණ කොළ වවන්න ලක්ෂ 47 ½ ක් යයි.

colombotoday

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය

Admin