Colombo Today Local News

එජාප නායකත්වය සමග මටත් ප්‍රශ්නයක් තියනවා – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් විනාශ කර අවසානයක් දැකිය යුතු පුද්ගලයකු යම් ප්‍රමාණයකට පමණක් විනාශ කර තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ තමන්ට ද බරපතල මත ගැටුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ විනාශයක් ගැන කතා කරන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතීත්වය භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  බබළවමින් එය මෙරට විශිෂ්ඨතම පක්ෂය බවට පත්කර තිබේ දැයි  නලීන් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති විනාශ කිරීමට කළ එක් ක්‍රියාවක් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැයි අභියෝගයක් කරන බවද නලීන් බණ්ඩාර මහතා කීය.

ශ්‍රේෂ්ඨ නායකත්වයකින් ඇරැඹුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟ මැතිවරණයේදී මුළු ශ්‍රී ලංකාවෙන්ම ආසන හයක් පමණක් ගන්නා විට පක්ෂය විනාශ කළේ කවුදැයි මුළු ලෝකයටම ඔප්පු වනු ඇතැයි ද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනපති එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ පක්ෂයට එල්ල කළ චෝදනා සියල්ලටම පක්ෂයක් ලෙස ඉදිරියේදී ප්‍රතිචාර දක්වන බවද නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

18 වංගුව යළි විවෘතයි..

Admin

එයා ශ්‍රීලනිප මහලේකම් වුණදා පටන් අපේ ඡන්ද ප්‍රතිශතය අඩුවුණා – සුසිල්ගෙන් දුමින්දට අතුල් පහරක්

colombotoday

‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික වැඩසටහන අද ඇරඹෙයි…

colombotoday

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

කවුද යකෝ අනුරට බොරු කියපු එකා???

colombotoday

අරගල භූමියට එන්නේ අයිස් ගහලා. – කෝනාරගේ විෂමාචාර ක්‍රියා පෙම්වතිය හෙළිකරයි

colombotoday