Colombo Today Local News

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

වීසා නොමැතිව මෙරට රැදී සිටි ඊජිප්තු ජාතිකයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (24) සවස මාදම්පේ පැරණි නගරයේ පිහිටි අරාබි පාසලේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මීට වසර හතර හමාරකට පෙර සැකකරු මෙරටට පැමිණ ඇති බව පවසන නමුත් ඔහු සතුව ගුවන් ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍ර  තිබී නැත.

තමන් මෙම අරාබි පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

පරීක්ෂාවට ලක් කරන ලද අරාබි පාසලේ ගාල් කර තිබූ හිමිකරුවෙකු නොමැති වෑන් රථයක්ද තම බාරයට ගැනීමට මාදම්පේ පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

Related posts

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

පාසල් 120කට සුවතා කාමර

colombotoday

මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !

colombotoday

15 හැවිරිදි දැරිය අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් තහනම් කරයි

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin