Colombo Today Local News

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

වීසා නොමැතිව මෙරට රැදී සිටි ඊජිප්තු ජාතිකයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (24) සවස මාදම්පේ පැරණි නගරයේ පිහිටි අරාබි පාසලේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මීට වසර හතර හමාරකට පෙර සැකකරු මෙරටට පැමිණ ඇති බව පවසන නමුත් ඔහු සතුව ගුවන් ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍ර  තිබී නැත.

තමන් මෙම අරාබි පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

පරීක්ෂාවට ලක් කරන ලද අරාබි පාසලේ ගාල් කර තිබූ හිමිකරුවෙකු නොමැති වෑන් රථයක්ද තම බාරයට ගැනීමට මාදම්පේ පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

Related posts

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

colombotoday

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday

ත්‍රස්තවාදීන්ට ගම්පොල මුස්ලිම් පාසලකිනුත් අතහිත… IS ලිපිගොනු සේව් කර ඇත්තේ නිල් චිත්‍රපට ක්ලිප් අතරේ

colombotoday

“බලාපොරොත්තු සුන් වුණා.. අප කළ වෙනසෙන් රටට වුණේ විනාශයක්.. ඉදල වැඩක් නෑ“ – රතන හිමි

colombotoday

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday