Covid 19World

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ වාර්තාවන ඉන්දියාවේ, වසංගත ව්‍යාප්තියෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානීත්වයෙන් ඊයේ (14)දින පැවැත්විය.

ඊට පෙර මන්ත්‍රීවරුන් ඇතුලු සැසිවාරයට සම්බන්ධ සියලුදෙනාම කොවිඩ් පරික්ෂාවකට ලක්කෙරුණු අතර එහිදී හඳුනාගෙන ඇත්තේ ඒ අතරින් මන්ත්‍රීවරුන් 25දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවය.

ඉන් 17දෙනෙකු ලෝක් සභා මන්ත්‍රීවරුන් වන අතර සෙසු අටදෙනා රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් වේ.

මේ අතර අනාවරණයක් කරමින් BBC මාධ්‍ය ජාලය පවසන්නේ, ඉන්දියාව තුළ උග්‍ර සායනික ඔක්සිජන් හිඟයක් හටගෙන ඇති බවය.

වාර්තාවන්ට අනුව ගතවූ මාසයේ ඉන්දීය රෝහල් සහ සාත්තු සේවා මධ්‍යස්ථානවල ඔක්සිජන් පරිභෝජනය ටොන් 2700 කි.

මේ අතර ලබන 25වැනිදා සිට නැවතත් රට වසාදැමීමට රජය තීරණය කර ඇති බවට පැතිරයන කටකතා අසත්‍යයක් බව ඉන්දීය තොරතුරු කාර්යාංශය පවසයි.

ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 81,911 ත් සමග ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් ගණන 4,900,000 ඉක්මවා ඇත.

වාර්තාවන සමස්ථ කොවිඩ් මරණ ගණන 80,808කි.

Related posts

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

colombotoday

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

colombotoday

මැලේරියා රෝගයට ලබා දෙන ඖෂධ වර්ග දෙකක් වෛද්‍ය නිර්දේශකින් තොරව අලෙවිය තහනම්

colombotoday

මියන්මාර් රජය අල් හුසේන්ට අභියෝග කරයි.. UN නිලධාරීන්ට මියන්මාරයේ දොර වසා දමයි

colombotoday