Colombo Today Local News

ඇඳිරිනීතිය තවදුරටත් පවත්වාගෙන යන්නේ නෑ | හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

ලබන 09 වන සඳුදායින් පසු බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපතිතුමා රට විවෘත කිරීම පිළිබදව ඉතා පැහැදිලිව උපදෙස් දුන් බව හමුදාපතිවරයා කියාසිටියේය.

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා මෙලෙස පැවසීය….

“මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්.”

Related posts

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

colombotoday

ලබන අප්‍රේල් තෙක් බිත්තර ආනයනයට අවසර

Admin

හමුදාවේ අතපය බැඳදමන චක්‍රලේඛයක් නිකුත් වෙයි.. උතුරේ ප්‍රචන්ඩක්‍රියා මැඩලීමට දැඩි බාධා !

colombotoday

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

colombotoday

ව්‍යවස්ථාව හදන හැටි කියන්න ස්වීස්/දකුණු අප්‍රිකා ෆෙඩරල් විශේෂඥ කමිටුවක් එයි!

colombotoday