Colombo Today Local News

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීමට ජනපතිගේ නම විකුණයි

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිවරයගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතී.

මෙවැනි පුද්ගලයන් යම් යම් රාජ්‍ය ආයතනවලට පෞද්ගලිකවම ගොස් යම් කාර්යයක් ඉටු කිරීමේ බලයලත් නිලධාරීන්ට බලපෑම් කරන බැව් දැනගැනීමට ඇත.

මෙසේ බලපෑම් කරන්නේ ජනාධිපතිතුවරයාගේ උපදෙස් මත බැව් එම කූට පුද්ගලයන් පවසන බව, ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට ලැබෙන විමසුම් වලින් පැහැදිලි වෙයි.

රාජ්‍ය තන්ත්‍රය වෙත පැවරී ඇති කාර්ය භාරය නිසි පරිදි ඉටු කිරීම ගැන තම පාලන කාලයේ ප්‍රමුඛත්වයක් දියයුතු බවත්, යම් යම් කාර්යයන් කිරීමට බලයලත් නිලධාරීන් නීතියට අනුකූලව, මහජනතාවගේ අවශ්‍යතා ඉටුවන පරිදි රාජ්‍ය තන්ත්‍රය කටයුතු කළ යුතු බවත් ජනාධිපතිතුවරගේ අදහසයි.

Related posts

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර වලට සහල් නොදෙන්න – කෘෂිකර්ම ඇමති දැනුම් දෙයි

Admin

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

colombotoday

පාසල් ළමුන් සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Admin

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

colombotoday