Colombo Today Local News

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු තම හිතවතුන් 06 දෙනෙකුට වී මෝල් හයක් සකස් කර දීම සඳහා රජයේ මැදිහත්වීමෙන් චීනයෙන් රුපියල් බිලියන 10ක මුදලක් ලබාගැනීමට සැලසුම් කර ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති.

සහන පොලී අනුපාතයක් යටතේ රජය මැදිහත් වී අදාළ ණය මුදල ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙන බවත් ඒ වෙනුවෙන් නීති විරෝධී ආකාරයට සුළු හා මධ්‍ය පරිමාණ මෝලි හිමියන් කිහිපදෙනෙකු එකතු කරගෙන සමූපකාර සමිතියක්ද පිහිටුවාගෙන තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.

කැබිනට් අනුමැතිය යටතේ සමස්ත ලංකාවේම මෝල් හිමියන්ට සාමාජික විය හැකි ආකාරයට සීමාසහිත ශ්‍රී ලංකා සහල නිෂ්පාදකයන්ගේ සංගමය පිහිටුනා තිබෙන බවත් එසේ තිබියදී මෙම සංගමය දේශපාලනඥයන්ගේ මැදිහත්වීම මත නව සංගමයක් ආරම්භ කර තිබෙන බවත් මෝල හිමියෝ පෙන්වා දෙති.

ලංකාවේ වී අස්වැන්න ගබඩා කිරීමට හා සහල් බවට පත් කිරීමට පහසුකම් නැතැයි කියමින් රජය නොමඟ යවා මෙම අමාත්‍යවරයා මෙම කටවුත්ත සිදුකරන බවත් අදාළ මෝල් හිමියන් 06 දෙනා ලබාගන්නා මුදල් ගෙවීම පැහැර හැරියහොත් සම්පූර්ණ මුදල් රජයෙන් ගෙවන ආකාරයට ලිපිලේඛන සකස් කර තිබෙන බවත් මේල් හිමියෝ සඳහන් කරති.

ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න වාර්තා වූ 2004 වසරෙදී ලංකාවේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 50ක් වූ බවත් එම වී තොග පවා මිලධී ගෙන ගබඩා කොට සහල බවට පත්කර ජනතාවට අතට පත් කළ බවත් පවසන ඔවූහු වි ගබඩා කිරීමට හෝ සහල් බවට පත් කිරීමට අවශ්‍ය තරම් පහසුකම් රටතුළ තිබෙන බවද කියා සිටිති.

එසේ තිබියදී වී ගබඩා කිරීමේ හා නිෂ්පාදන ධාරිතාව සංවර්ධනය කිරීමට බව පවසමින් මෙම කටයුත්ත සිදුකරන බවත් මේ හරහා දැනට ඉතිරිව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් 500ක් වැසී යා හැකි බවත් එම පරිස් පෙන්වා දෙති.

චීනයෙන් ලබාගැනීමට නියමති රුපියල් බිලියන දහයක මුදල උපයෝගී කරගෙන සමස්ත ලංකාවම ආවරණය වන ආකාරයට මහා පරිමාණ මෝල් 06ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයිද එම පිරිස් කියා සිටිති.

මෙම ක්‍රියාව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 21 වැනිදා පැමිණිලි කළ බවත් මීට අමතරව මේ පිළිබඳව හෙට (28) අල්ලස් හෝ දූෂණ කොමිසමට, පොලිස්පත්වරයාට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කරන බවත් ඔවූහු අවධාරණය කරති.

අදාළ අමාත්‍යවරයා මේ රටේ වනාන්තර විනාශ කරන බවටද චෝදනා එල්ල වී තිබෙන බවත් මීට අමතරව ලංකාවේ ආනයන ක්‍රියාවලින හසුරුවන බවටද චෝදනා එල්ල වී තිබෙන බවත් මෝල් හිමියෝ කියා සිටිති.

මෙම රපියල් බිලියන 10 ලබා ගැනීමේ අවසන් අදියරේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කරමින් තිබෙන බවත් මෙම ක්‍රියාව ඔක්තෝබර් 26 වැනි දිනට පෙර පැවති ආණ්ඩු සමයේදී සැලසුම් කර තිබෙව බවත් මෝල හිමියෝ පෙන්වා දෙති.

Related posts

මෙහෙම ගියොත් රටට අබ සරණයි – ඤාණසාර හිමි සිරගත කිරීම ගැන මුස්ලිම් ජාතිකයෙක් හඩ අවදි කරයි

colombotoday

“ජිනීවා සමුළුවට ඉදිරිපත්කල වාර්තාව මෙරට NGO උවමනාවට හැදූ එකක්“ – අධිකරණ ඇමති

colombotoday

බෝධි සංස්කෘතියෙන් හෙළ දෙරණ පුණර්ජීවණයකළ සිරිමහ බෝ සමිඳුන් වැඩම කර වූ උඳුවප් පොහොය අද

colombotoday

ජනපතිතුමාට කියා මාස 3 කින් පරවිපාංජාන් හමුදා කදවුර ඉවත් කර දෙනවා – විජයකලාගෙන් සහතිකයක් !

colombotoday

ඉස්ලාමීය රාජ්‍යය(ISIS) ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල. | එක්සත් ජාතින් අනතුරු අඟවයි

colombotoday

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin