Colombo Today Local News

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

පාර්ලිමේන්තුව විසිරුවාලමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු යම් යම් පිරිස්  කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට ඉඩ ඇති බැවින් සෑම පොලිස් බලප්‍රදේශයකම ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (13) රාත්‍රී උසස් පොලිස් නිලධාරීන්ට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දුන්නේය.

පොලිස්පතිවරයා  එම උපදෙස් ලබා දුන්නේ අද (13) රාත්‍රී විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කරමිනි.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම උද්දාමයට පත් දේශපාලන ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා පැවැත්වීමේදී යම් යම් පිරිස් දේශපාලන වශයෙන් පටු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අභිලාශයෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට ඉඩ ඇතැයි පොලිස්පතිවරයා එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් මහජනයාගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් ඇති නොවන ආකාරයට ආරක්ෂක විධි විධාන යෙදවීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසද පොලිස්පතිවරයා උපදෙස් දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

තම පොලිස් බල ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත   වාර්තාවක් ලැබීමට සලස්වන ලෙස ද පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

Related posts

වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි

colombotoday

විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි. බහුතරය විරුද්ධයි. පක්‍ෂ රාජිත සහ රවි පමණයි

colombotoday

නූතන රාජ්‍යයක් වෙත පිය තබන මොහොතේ, විජයග්‍රහණය ගෞරවාන්විතව, නීතිගරුකව, සාමකාමීව සමරන්න !

colombotoday

කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ – පැරණි ආරාමයක නටබුන් සොයා කැණීම් තවදුරටත්

colombotoday

ආගම කතෝලිකනම්, කුලය දුරාව නම් එයා කොලිටි… අධිකරණයේ උසස්වීම් දෙන්න රන්ජන් ආගම, කුලය සැලකූ හැටි !

colombotoday