Colombo Today Local News

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම්.

මගි ජනතාවට කිසිදු පහසුකමක් නොදී මගී ජනතාව  ගසා කන බස් රථ සේවාවක් බවට පත්ව තිබෙන Semi Luxery හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කළේය.

විශේෂයෙන් ජාතික ගමනාගමන කොමිසම විසින් මගීන් 10,000ක් ආශ්‍රිතව සිදු කරන ලද මත විමසීමේ සමීක්ෂණයක දී හෙළිදරව් වුයේ එම සමීක්ෂණයට සහභාගි වූ මගී ජනතාවගෙන් සියයට සියයකම අදහස වූයේ  මෙම Semi Luxery හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට පියවර ගත යුතු බවයි.  ඔවුන් ප්‍රකාශ කර තිබුනේ බස් රථයේ ජනෙල්වල වසර ගණනාවකින්වත් නොසේදීම නිසා දූවිලි බැඳී දුර්වර්ණව ගිය එල්ලා ඇති පරණ රෙදි තිර කිහිපයක් හැරෙන්නට එම බස් රථවලින් ලැබෙන අර්ධ සුඛෝපභොග් පහසුකමක් නොමැති බවයි.

එමෙන්මඑම ජනෙල් තිර රෙදිවල ඇති දූවිල්ල ආඝ්‍රාණය වීම නිසා  බස් රථයෙන් බසින විට හිස පැළෙන හිසේ කැක්කුමක් විනා වෙනත් කිසිදු පහසුකමක් තමන්ට නොලැබෙන බවයි.

එම අදහස් සියල්ල සැළකිල්ලට ගනිමින් මෙම සේවාව අහෝසි කිරීම ඉතාමත් කෙටිකාලයක් තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දී තිබිනි.

ඊයේ 19 ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම බස් රථ සේවාව අහෝසි කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති වැඩ පිළිවෙළේ ප්‍රගතිය අමාත්‍යවරයා විසින් විමසනු ලැබීය.

ඒ අනුව ඊට අදාලව මේ වනවිට සියලුම පියවර ගෙන ඇති බවත්, ලබන මාසය තුළ Semi Luxery හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට හැකි බවත් අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා අමාත්‍යවරයාට පැවසීය.

එමෙන්ම මෙම බස් සේවය අහෝසි කිරීමෙන් පසුව හැකි නම් එම බස් රථ අධිවේගී මාර්ගවල අවම මිලක් යටතේ ධාවනය කිරීමට ඇති  හැකියාව සම්බන්ධව සොයා බලන්නැයිද, විශේෂයෙන් දුරබැහැර සිට සේවය සඳහා පැමිණෙන කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට එම බස් රථ යොදා ගත හැකි ද යන්නත් සොයා බලන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

Related posts

“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ශාලාවක ගින්නක්

Admin

අගරදගුරුගේ ප්‍රකාශයට ඇමති මංගල කිපෙන්නේ තමන් හැදු සමලිංගික පනත විසිකල නිසා..

colombotoday

තවත් සේවිකාවන් 5කට කොරෝනා

colombotoday