Colombo Today Local News

“අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්“ – රනිල් එලවූ නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිිරන් කියයි

[fbvideo link=”https://www.facebook.com/rosh0312/videos/10205390983410358/” width=”500″ height=”400″ onlyvideo=”1″]

නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ප්‍රබල නියෝජිතයෙක් වන  ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්. ඒ. සුමන්තිරන් මහතා, ගෙන ඒමට   සූදානම් වූ නව ව්‍යවස්ථාව පිළිබදව පසුගියදා මෙසේ කරුණු හෙළිකර සිටියේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අතුරු කමිටු වාර්තාවේ පිටු හතරක් ගැන හරියට කියවලා බැලුවොත් පලවෙනි හා දෙවෙනි පිටුවල කියවිලා තියෙනවා ලංකාවට ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකියයි කියලා තියෙනවා. මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩු වලට බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒකෙ කියවෙනවා. ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් තියෙන ආණ්ඩුක්‍රමයක් ගීනවා කියලා අපි පොරොන්දු උනා. අතුරුකමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි. පළාත් රජයට ලබාදුන්නා බලය ආපහු ගන්න බැහැ. ඒ දීපු බලය අඩු කරන්න බැහැ වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්න බැහැ. මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙනවා. ඒ විතරක් නෙමේ අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියන එකත් අතුරු වාර්තාවේ කියවෙනවා.එහෙම වෙනස් කරනවානම් පළාත්සභාවල අනුමැතිය ඕනේ. එක් පලාත්ස්භාවක් හෝ ඒකට අකමැති උනොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ. මේක ෆෙඩරල් ක්‍රමයට එහා ගිය දෙයක්.

Related posts

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව රටම නොමග යවන මුලාවක් – ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක් !

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

සමන් රත්නායක නැවතත් අධිකරණයට

Admin

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin