Colombo Today Local News

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

පවතින අධික වැසි සමඟ ඉහල කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශ බාර ඉන්ජිනේරුවරු කියති.

ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක්, කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැගින් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනම විවෘත වී ඇතැයිද ඔවුහු කියති.

මේ අතර මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 06 දක්වා ආසන්න වි ඇති බවත්, කාසල්රි ජලාශයද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ජලාශ දෙකේම ජල මට්ටම ඉහල යාම නිසා කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරු සදහන් කරයි..

පහත්බිම්වල පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරු ඉල්ලා සිටිති.

Related posts

කොල්ලෙකුට සුද්දයක් දැමූ මාලඹේ පොලිසියේ 4කට වැඩ වරදී

colombotoday

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

කැබිනට් සංශෝධනය ඉරිදා.. දිවුරුම් දෙන්න එන්නැයි ඇමතිලාට දන්වයි

colombotoday

උතුරේ කඩ වැසෙයි.. දෙමළ දේශපාලන පක්ෂ සහයෝගයෙන් හර්තාල් ඇරඹෙයි

colombotoday