Colombo Today Local News

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

3834c47bcaa12648e4daf84363e22635_Lජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන ආකාරයේ දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල මහතා රිමාන්ඩ් භාරයට පත්කිරීමේ තීරණය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ඔහුගේ නීතිවේදී අජිත් ප්‍රසන්න මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ෆේස්බුක් අඩවියේ පළකරන තොරතුරු සම්බන්ධයෙන් නඩු පැවරීමට ශ්‍රී ලංකාව තුල කිසිදු නීතිමය පදනමක් නොමැති බව සැකකරුගේ නීතිඥවරයා පවසයි.

එසේ තිබියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පළාත් සභා නියෝජ්‍ය සභාපතිවරයා දින පහක් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ කිසියම් බලපෑමක් නිසාද යන සැකයක් මතුවන බව ඔහු පැවසීය.

“මේක බරපතල තත්වයක්. ඇප දිය හැකි වරදකට තමා මහේස්ත්‍රාත්වරයා දින පහක් සැකකරු රිමාන්ඩ් භාරයට් පත්කර තිබෙන්නේ. මෙය නීතියට පටහැනියි. මේ නිසා මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් අපි අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරනවා,” නීතිවේදී අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේය.

මෙම චෝදනාව පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගේ මතය විමසීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ අතර රිමාන්ඩ් භාරයට පත්කර සිටි සම්පත් අතුකෝරාල මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඇප මත නිදහස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සම්පත් අතුකෝරාල පළාත් සභා මන්ත්‍රීවරයා, පොලිසියේ මෙම ක්‍රියා පිළිවෙත තුලින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල තර්ජයක් එල්ල වී ඇති බව සඳහන් කළේය.

“අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් ගැන යහපාලන නායකයින් විශාල ලෙස කතා කළා. එහෙත් මෙම ක්‍රියාමාර්ගය තුලින් අප ජනතාව වෙනුවෙන් සිදුකල අරගලය යටපත් කරන්න බැහැ.”

පසුගිය ජනාධිපතිවරණය සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කාන්තාවක් සම්බන්ධ කරගනිමින් අසත්‍ය දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළ කළ බවට චෝදනා කරමින් රහස් පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

වැඩිදුර නඩු විභාගය ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා කල් තැබිණ.

Related posts

ඊයේ හමුවු කොවිඩ් ආසාදිතයින්

colombotoday

කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පුර පොහොය අදයි !

colombotoday

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම. කොටින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණිල්ලක්

colombotoday

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

වෛද්‍ය ලාංඡනයෙන් ගංජා. නාවික හමුදා ඇඳුමෙන් අයිස්. ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට.

colombotoday

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday