Colombo Today Local News

රනිල්ගේ නිවසට ගිනිතැබීම : ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී. අත්අඩංගුවට

අරගල සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා අනර්ථය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ සමගි ජනබලවේගය පක්ෂයෙන් හිටපු මන්ත්‍රිවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකෝට්ටේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව ඊයේ (27) දින රාත්‍රියේ සැකකරු සිය නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබා දීම, 2023.07.09 දින රාත්‍රියේ අරගල අතරතුර පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිට නිවසට කඩා වැදී එහි දේපළ වලට ගින තබා අලාභ හානි සිදුව තිබුණි.

Related posts

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

colombotoday

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday

කොටි ‘මහවිරු‘ සැමරුම දා උතුරේ ශෝක දිනයක් ! වව්නියා කදවුරේ සංගීතයත් නවතී..

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි

colombotoday

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

colombotoday