Colombo Today Local News

සැඟවී සිටින බදුර්දීන් ඉදිරි දින 2 තුළ අධිකරණයට භාරවෙනවලු – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පක්ෂ මහා ලේකම් කියයි.

දැනට සැඟවී සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුර්දීන් මහතාව තමන්ටද සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් ඇති බවත් එහෙත් රිෂාර්ඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ඉදිරි දින දෙක තුළ අධිකරණය හමුවේ පෙනී සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහ ලේකම් එස්.සුබයිර් මහතා පැවසිය.

බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනය මෙන්ම ජාතිවාදයත් ක්‍රියාත්මක වන බව සුබයිර් මහතා පවසයි.
එහෙත් මෙයට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු සියලු මුදල් බදුර්දීන් මන්ත්‍රීවරයා ගෙවා තිබියදී අත්අඩංගුවට ගැනීමට සුදානම් වීම හෙළා දකින බව ඔහු පවසයි.

ජනධිපතිවරයා නිවැරදිව රට ගෙනියන බවත් ඔහුගේ පාලනය කාලය තුළ කිසිදු ජාතිවාදී සිදුවීමක් වාර්තා නොවූ බවත් ඒ.සුබයිර් මහතා අවධාරණය කරයි.

ඒ නිසා ආණ්ඩුවට සහයෝගය ලබාදීමට සුදානම් වුවත් ඉදිරියේදී ආණ්ඩුවට සහයෝග ලබා දීම සම්බන්ධව යලිත් වරක් සිතා බැලිය යුතු බවයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහ ලේකම් එස්.සුබයිර් මහතා වැඩිදුරටත් ප්‍රකශ කළේ.

2019 ජනාධිපතිවරණ පැවති දිනයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 221ක් යොදා ගනිමින් පුත්තලමේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශය කිරීමට මන්නාරමට රැගෙනයාම මගින් රුපියල් ලක්ෂ 95කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ ගැනෙන වැරදි ද සිදුකර ඇති බවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී ඇත.

Related posts

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

සජිත් ගේ නායකත්වයෙන් නව සන්ධානයකට විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වෙයි

Admin

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

colombotoday