Colombo Today Local News

සැඟවී සිටින බදුර්දීන් ඉදිරි දින 2 තුළ අධිකරණයට භාරවෙනවලු – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පක්ෂ මහා ලේකම් කියයි.

දැනට සැඟවී සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුර්දීන් මහතාව තමන්ටද සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් ඇති බවත් එහෙත් රිෂාර්ඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ඉදිරි දින දෙක තුළ අධිකරණය හමුවේ පෙනී සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහ ලේකම් එස්.සුබයිර් මහතා පැවසිය.

බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනය මෙන්ම ජාතිවාදයත් ක්‍රියාත්මක වන බව සුබයිර් මහතා පවසයි.
එහෙත් මෙයට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු සියලු මුදල් බදුර්දීන් මන්ත්‍රීවරයා ගෙවා තිබියදී අත්අඩංගුවට ගැනීමට සුදානම් වීම හෙළා දකින බව ඔහු පවසයි.

ජනධිපතිවරයා නිවැරදිව රට ගෙනියන බවත් ඔහුගේ පාලනය කාලය තුළ කිසිදු ජාතිවාදී සිදුවීමක් වාර්තා නොවූ බවත් ඒ.සුබයිර් මහතා අවධාරණය කරයි.

ඒ නිසා ආණ්ඩුවට සහයෝගය ලබාදීමට සුදානම් වුවත් ඉදිරියේදී ආණ්ඩුවට සහයෝග ලබා දීම සම්බන්ධව යලිත් වරක් සිතා බැලිය යුතු බවයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහ ලේකම් එස්.සුබයිර් මහතා වැඩිදුරටත් ප්‍රකශ කළේ.

2019 ජනාධිපතිවරණ පැවති දිනයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 221ක් යොදා ගනිමින් පුත්තලමේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශය කිරීමට මන්නාරමට රැගෙනයාම මගින් රුපියල් ලක්ෂ 95කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ ගැනෙන වැරදි ද සිදුකර ඇති බවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී ඇත.

Related posts

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

Admin

අලි සබ්‍රි චේතාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව පැමිණිල්ලක්.

colombotoday

පී. බී. ජයසුන්දර, කබ්රාල් ඇතුළු පිරිසක් අද මුදල් කාරක සභාවට

colombotoday

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

colombotoday