Colombo Today Local News

සහරාන්ට අරමුදල් සැපයූ සිංගප්පූරු ජාතිකයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පවත්වමින් තහනම් කළ ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අරමුදල් සැපයූ පුද්ගලයෙක් ඇතුළු සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙකු සිංගප්පූරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිංගප්පූරු ජාතිකයන් දෙදෙනා අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වීම සඳහා සිරියාව බලා පිටත්වයෑමට සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සහරාන් සමග සමීප සබඳතා පවත්වා ඇති බවට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අවුරුදු 36ක් වන බලපත්‍රලාභී මුදල් හුවමාරුකරුවෙක් වෙන කිතුබ්ඩීන් හාජා නජුමුඩීන් නැමැත්තෙකි. ඔහු සහ්රාන්ගේ දේශනා අන්තර්ජාලයෙන් බලා ඔහුගේ අනුගාමිකයෙක් බවට පත් තිබේ.

එසේම ඔහු අවස්ථා තුනකදී ශ්‍රී ලංකාවට පැමිණ තව්හීද් ජමාත් සංවිධානයට අරමුදල් සපයා තිබේ. සැකකරු මැයි මාසයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බව සිංගප්පූරු රජය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා වන්නේ සුදර්මෙන් සමිකින් නැමැති අවුරුදු 47ක් ව පුද්ගලයෙකි. ඔහු මේ මාසයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අල්කයිඩා මතවාදයට නැඹුරු පුද්ගලයෙක් බවට තොරතුරු අණාවරණය කරගෙන තිබේ.

Related posts

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ….

Admin

අනුර දිනපු සතුටට කුරුණෑගල ශ්‍රමදානයක්

Admin

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

colombotoday

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට

colombotoday