පාකිස්ථානයේ සිට අද(12)දින උදෑසන පුද්ගලයින් 25දෙනෙක් හා දෝහා කටාර් සිට පුද්ගලයින් 31දෙනෙක් සහ ඕමාන් සිට පුද්ගලයින් 20දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
එසේ පැමිණෙන පුද්ගලයින්ව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
අද වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනයවන නිරෝධායන මධ්‍යස්ථාන 29ක් තුළ පුද්ගලයින් 2,690දෙනෙකු නිරෝධායනය වෙමින් පවතී.