Colombo Today Local News

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස්ට වෙනත් තනතුරක් – රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වෙන ලකුණු

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් සහ මුදල් ඇමති මංගල සමරවීර අතර සිදුවූ සාකච්චා සාර්ථක වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මාස කිහිපයක් ඇතුලත රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධූරය හා සමාන වෙනත් රැකියාවක් ලබාදීමේ පොරොන්දුව මත රේගු අධ්‍යක්‍ෂ තනතුරෙන් ඉවත්ව යාමට චාල්ස් මහත්මිය කැමැත්ත පලකල බව දැනගන්නට ඇත.

ඒ අනුව පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ගෙනගිය රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය හෙට අවසන් කැරෙනු ඇති. ඉකුත් 30 වැනිදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදට දින හයක් ගතවේ.

කෙසේ වෙතත් කිසිදු හේතුවක් නොදක්වා ජාවාරම්කරුවන්ගේ බලපෑම් මත රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරන ලද චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවන තුරු මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඛණඩව කි‍්‍රයාත්මක කරන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා අද(3) පැවසීය.

Related posts

ගාලු තරගයේදී ප්‍රේක්ෂකයන්ගෙන් දයාසිරිට විරෝධතා.. පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

දෙමටගොඩත් පිපිරීමක්….

colombotoday

ස්වාධීන වූ මන්ත්‍රීවරු අගමැති වීමේ වලියක. – විපක්ෂයත් තුනට කැඩේ

colombotoday

අන්තරේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට

colombotoday

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday