Colombo Today Local News

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා පෙරේදා (24දා) නියෝග කළද අද (26දා) පෙරවරුව වන විටත් එවැනි අත්අඩංගුවට ගැනීමක් වාර්තා නොවීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිල නිවස වෙත සහ බේරුවල පිහිටි ඒ මහතාට අයත් නිවසට ඊයේ (25දා) ගියද ඒ මහතා එම නිවෙස්වල නොසිටි බව වාර්තාවෙයි. මේ නිසා හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමක් තවමත් සිදු නොවුණි.

පුද්ගලයන් සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහන වැවකට දැමූ බව සඳහන් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සිද්ධියට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

රවී පාර්ලිමේන්තුවට

Admin

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ….

Admin

බීමතින්, රියදුරු බලපත්‍රයක් නොමැතිව, ගංජා සුරුට්ටුවක් තබාගෙන වෑන් රථයක් පැදවූ පුද්ගලයෙකුට 52500 ක දඩයක්

colombotoday

රෝහලේ යකා නැටූ නි. ඇමති තෙවරප්පෙරුමට එරෙහිව දොස්තර සංගමය අවි අමෝරයි

colombotoday

මහින්ද දිනුවානම් මාව අඩි 06ක් පොළව යට වළලනවායි කී කතා දේශපාලන වේදිකාවේ කතා පමණයි… මාව මරන්න කුමන්ත්‍රණය කළේ රනිල් වික්‍රමසිංහයි – ජනපති

colombotoday

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday